රස්සාවට සිංහලෙන් කියන්නෙ මොකක්ද?

Posted: සැප්තැම්බර් 2, 2013 in වර්ගීකරණය නොකළ

ගොඩාක් පලාත්වල පොළ තියෙන්නෙ ඉරිද දවසටනෙ. අපේ ගමේ පොළ තියෙන්නෙ සෙනසුරාදා දවසට. එදාට ඉතින් ටවුන් එක පලාතෙ යන්න බෑ පාරවල් පිරිල සූ ගාල සෙනග. අපේ පැත්තේ ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් වාගේ විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ… ගමේ පොළටයි ආවේ… මමත් ඉතින් සෙනසුරාදා දවසක ඔන්න ටවුමට ගියා බඩු ගන්න. අම්ම ගෙදරින් එළියට බහිද්දිම කිව්ව අදනම් පුතේ හන්දියෙ බාප්පල ඇති පරිස්සමෙන් පලයන් කියල. මමත් ඉතින් අම්ම බය වෙන්න එපා ටවුමට ගොස් එන හැටි මම පෙන්වන්නම් කියා බයික් එකත් අරගෙන වැඩර් වාගේ ටවුමට යන්න පිටත් උනා.

ඔන්න ටවුමට එනකන් කිසිම අතුරු අන්තරාවක් නැතිව ආවා.ටවුන් එකෙත් අවුලක් නැතිව ඇවිද්ද ඊට පස්සෙ තමා භයානකම සිද්දියක් උනේ…පොළ හන්දියෙ වාහන පෝලිමයි පාර සම්පූර්ණයෙන් බ්ලොක් ඔය ටැෆික් ඉවරවෙනකන් මම වගේ පොරක් ඉන්න ඕනද කියල හිතල දැම්ම වාහන පෝලිම අස්සෙන් බයික් එක දාල ඔන්න එක පාරටම බයික් එක පාරෙන් අනික් පැත්තට හැරෙව්වා.ඒත් එක්කම මම බයික් එන අනික් පැත්තට හරවනව දැකල සතුටින් පිනාගිය පොරක් විසිල් ගහනව වගේ මියුරු නාදයකුත් මගේ දෙසවනට වැටුන.

සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලුවත් අදුරන කවුරුත් පේන්න නැති මමත් වැඩිදුර නොහිත කෙලින්ම බයික් එක පාරෙ අනික් පැත්තෙ කඩයක් ලඟින් නවත්තනකොටම තවත් විසින් පාරක් ඇහුන කවුද ඩෝ මේ අවේලාවේ ප්‍රීතියෙන් පිනාගියේ කියල ආයේත් හැරිල බැලුව මේන්න බොලේ ට්‍රැෆික් රාළහාමි මහත්තැන් කෙනය් හොරෙක් වගේ ත්‍රීවීල් එකක්  පිටිපස්සෙ හැන්ගිලා ඉදන් මට අතවනවා.

අතවනන්නේ මම අඳුරන මහැත්තැන් කෙනෙක් වෙන්න ඇති කියා මමත් බොහෝ සතුටු සිතින් ඒ දෙසට ගියෙමි. මොකද කන් ඇහෙන්න නැතිද දුර තියාම රාළහාමි මහතා මහත් ආදර බැල්මක් මා හට හෙලමින් ඇසුවා. ඇහෙනව සර්… මා උත්තර දුන්නා. එහෙනම් විසිල් ගහනකොටත් පාරෙ අනික් පැත්තට හැරෙව්වෙ??? දැං දීපන්කො උත්තර.සිග්නල් දාල හරවන්න දන්නෙ නැද්ද.?? හික් හික් මම අහිංසක ලෙස රාළහාමිතුමා දෙස බලා හිනා උනා. කෝ ගන්නව බලන්න ලයිසන් ඉන්සුවරන්ස්. සාක්කුවේ තිබූ මාරුකාසි බස්ටිකට් ඇතුලු එකීමෙකී නොකී සියළුම කුණුගොඩවල් එසැනින් මා රාළහාමිතුමාගේ සුරතේ රැදවූයෙමි ඉතා අප්‍රසන්න බැල්ලමක් මා දෙස හෙලූ එතුමා මාගේ ලයිසොම පරික්ෂාකොර බලා. දඩයක් ගහන්න වෙනව මොකද කියන්නේ කියා ඇසුවේය. කමක් නෑ රාළහාමිනෙ ඇල්ලුවෙ රාළහාමිම දඩේ ගහන්න කියා මම නොකිව් නමුත් කමක් නෑ දඩේ ගන්න කියා කීවේය.

මගේ හිස් මුදුනේ සිට බාටා සෙරෙප්පුව දක්වා සුපරික්ශා කාරී බැල්මක් හෙලූ රාළහාමි තුමා රුපියල් පන්සීයක දඩමුදලක් වටිනා ඊළග ප්‍රශ්නය මා හට යොමුකළා මා සදිසි උපකාරක අවස්තාවක් වූ ඒ ප්‍රස්නය තෝරාගත්තා.

ප්‍රශ්ණය: මොකද කරන්නේ රස්සාවක් කරනවද?
උත්තරය: ඔවු
ප්‍රශ්ණය: කොහෙද වැඩ කරන්නේ?
උත්තරය: කොළඹ
ප්‍රශ්ණය: මොකක්ද රස්සාව?
උත්තරය: (මම කරන්නේ පරිඝනක මෘදුකාංග සැකසුම් අංශයේ රැකියාවකි දන්න තරමින් එයට සිංහල නමක් නැත එහෙයින් ඉංග්‍රීසියෙන් කියන නමම කිව්වෙමි.) අහෝ ඛේදයකි රාහලාමි තුමාට ඉංග්‍රීසි අරහන්ය.
ප්‍රශ්ණය: මට ඔය ඉංග්‍රීසිවලින් වැඩක් නෑ සිංහලෙන් කියනවා මොකක්ද රස්සාව???
උත්තරය: (තවදුරටත් රාළහාමි තුමා සමග පෙම් කිරීමෙන් පලක් නොවන බව තේරුම් ගත් මා..). රස්සාවක් කරන්නෙ නෑ සර්. ඔය දඩකොළේ දෙන්න කියා කියූවිට.

ටික වේලාවල් කල්පනා කාරිව හිටි රාළහාමි තුමා කමක් නෑ අදට යනවකෝ මීට පස්සෙවත් මාර්ඝ නීතී පිළිපදිනවා යයි මා හට ඉතා ආදරයෙන් ඔවදනක් දී මා හට පිටත් වීමට අවසර ලබා දුන්නා. (අනේ එහෙම වෙයි කියල හිතුවට එහෙම උනේ නෑ…)

තැපැල් කන්තෝරුවට ගිනින් රුපියල් පන්සීයක දඩයක් ගෙවා ආපසු දඩ කොළය රාළහාමි තුමාට ලබාදී ලයිසොම නැවත ලබාගෙන සතුටු සිතින් ගෙදර එන ගමන් රාළහාමි තුමාගේ ගුණ වයමින් මේ ගීතය ගායනා කරමින් මා ගෙදරට පැමිනියා. මේ ගීතය රාළහාමි තුමාට උපහාරයක්ම වේවා!!!


ප.ලි.: ඒ වෙලාවෙම තවත් රාළහාමි තුමෙක් තව පොරක් මම කරපු වැරැද්දම කරල පොරටර් දඩ ගහන්න මම හිටිය තැනටම ආවා. ඒ පොර මාව අල්ලපු රාළහාමි තුමාගේ මිත්‍රයකි. මොකද මචං අර පොර දැක්ක ගමන් රළහාමිතුමා ඇහුව. සිග්නල් දාන්නෙ නැතිව හැරෙව්ව. මේ මගේ යාලුවෙක් බං යන්න දීපන් රාළහාමි තුමා අනික් රාළහාමිතුමාට කිව්වා. එයාට යන්න දෙනවනම් ඇයි මට විතරක් දඩ ගහන්නේ? ? මහත්තයට දැං දඩකොලේ ලියල ඉවරනෙ නැත්නම් මහත්තයටත් යන්න තිබුනා. රාළහාමි තුමා ඔලුව කසමින් උත්තර දුන්නා.

Advertisements

දොළහක්

Posted: අගෝස්තු 1, 2013 in වර්ගීකරණය නොකළ

අන්තිමට වේදිකා නාට්‍යක් බැලුවේ 12.12.12 ඒ බලපු වේදිකා නාට්යේ නමත් දොළහක්, එහෙන් මෙහෙන් ඇහුන, දැකපු විස්තරත් එක්කම අතුල පතිරණගේ දොළහක් වේදිකා නාට්‍ය බලන්න ලොකු ආසාවක් හිතේ තිබුනා. පොඩිකාලෙ ඉදන් වේදිකා නාට්‍ය බලන, වේදිකා නාට්‍ය හඳන උනක් තිබුනත්, ඉස්කෝලෙ යන කාලෙත් උසස් අධ්‍යාපනය ලබන කාලේත් හොද හැටියට වේදිකා නාට්‍ය බැලුවා. පොඩි පොඩි තරඟ වලට වේදිකා නාට්‍ය හැදුවා රඟපෑව, තරඟ වලින් දිනුව, ඒත් ඉතින් රස්සාවක් කරන්න පටන්ගත්තට පස්සෙ ඒ ආසාවන් ඔකොම ආසාවන් ටික දියවෙලාම ගියා. උදේ ඉදන් මහ රෑ වෙනකන් කොම්පියුටරයක් ඉස්සරහට වෙලා කොට කොට ඉද්දි මොන වේදිකා නාට්‍යද….

ගිය අවුරුද්දේ දෙසැම්බර් වලදී කොටි වලිගෙ අල්ල ගත්ත වගේ ප්‍රොජෙක්ට් එකකට සෙට්වෙලා හිටියේ පට්ටම ස්ට්‍රස් ජීවිතෙත් එක්ක එපාවෙලා… ඔහොම ඉද්දි තමා එදා උදේ වැඩට එද්දි දොළහත් පෝස්ටරේ දැක්කෙ. හැමදාම මහ රෑ වෙනකන් කඹුරන එකේ එක දවසක් කලින් ගියාම මොකෝ කියල එදා හරියටම පහට ඔෆිස් එකෙන් පැනල ගියා ලයනල් වෙන්ට් එකට හප්පට සිරි එදා ස්පෙෂල් දර්ශණයක් නලුනිලියෝ ගායක යායිකාවෝ පිරිල, වෙලාවට හුදී ජනයා වෙනුවෙන් ටිකට් කීපයකුත් විකුණන්න තිබුන. නාට්යනම් සුපිරියි කියන්න වදන් නැත….

dolohak
රෙජිනෝල්ඩ් රෝස් කියන ඇමරිකන් නාට්‍ය කරුවා විසින් Twelve Angry Men නමින් නිපදවූ නාට්‍ය තමයි අතුල පතිරණ දොළහක් කියල නැවත සිංහලෙන් නිෂ්පාදනය කරල තියෙන්න්. විශ්වජිත් ගුණසේකර, ඩබ්ලිව්. ජයසිරි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ධර්මප‍්‍රිය ඩයස්, සම්පත් ජයවීර, තුමිඳු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, පූජිත ද මෙල්, ගාමිණී විජේසිංහ, ගිහාන් ද චිකේරා, සමන් ලියනගේ, සංජය හෙට්ටිආරච්චි යන නලුවන් දොළොස්දෙනා තමයි දොළහක් නාට්‍යයේ චරිත නිරූපනය කරන්නේ. දොළහක් නාට්‍යයේ රංගනයෙන් දායකවෙන නලුවො සෙට් එක දැක්කම අතුල මේ නාට්‍ය ලාබ ගන්න බලාගෙන නොකරපු නිර්මාණයක් කියලම පේනව. දැනට වේදිකාවේ ඉන්න දක්ෂම නලුවන් දොළොස්දෙනෙකු ඔහු මේ සඳහා යොදවාගෙන තියනව. ලාබය ගැන හිතුවනම් කෙනෙක් කරන්නෙ ලේසියෙන්ම අලුත් නලුවො ටිකක් දාල අඩු පිරිවැය නාට්‍යයක් කරන එකනේ. නාට්‍ය පටන්ගත්ත වෙලාවෙ ඉදන් ගැම්මට බලන් ඉන්න පුලුවන් ඉවර වෙනකන්ම.

dolohak drama
තමන්ගේ තාත්තව මැරුවයි කියන අවුරුදු දහ අටක කොල්ලෙක් සම්බන්ඳ නඩුවකදී ජූලියේ දොළොස් දෙනාගෙන් එකොළොස් දෙනෙකුම කොල්ල වැරදි කාරය කියද්දි එක ජූරි සභිකයෙක් විතරක් කොල්ල නිර්දෝශී කියනව. අන්තිමට පැය ගානක් තර්ක කරල ජූරි සභිකයෝ දොළහම පිළිගන්නව කොල්ල නිවරදියි කියල. අතුලගේ දොළහක් නාට්‍යයේ පසුතල, ඇඳුම් පසුබිම් සංගීතය සුපිරිම මට්ටමක තියනව. දැනට නම් නාට්‍ය කොළඹ අවට නිතර නිතර ප්‍රදර්ශණය වෙනව. දුර බැහැර තත්වයනම් කොහොමද දන්නෙ නෑ. නාට්‍ය බලන්න කැමති අය ඉන්නවානම් මේ නාට්‍ය ඔබ බැලිය යුතුම නාට්‍යක් කියල හිතෙනව… අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යෙන් බලන්න…

දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීම

Posted: ජූලි 30, 2013 in වර්ගීකරණය නොකළ

ශ්‍රී ලංකා දේශපාලනයේ පක්ෂ මාරුව කඩේ ගිහින් පාන් රාත්තලක් ගන්නවාටත් වඩා සරල ක්‍රියාවකි. දේශපාලකයෝ එක රැයෙන් ඔවුන්ගේ ප්‍රතිපක්ති වෙනස් කරයි.විපක්ෂ මන්ත්‍රී පක්ෂය මාරු කල සැනින් ඔහුම ඊයේ දූෂිතයි කියූ ආණ්ඩුව ඔහුට අද සුජාත වන්නේය.ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විපක්ෂයට ගියවිට ඔහු එතෙක් කල් සිටි ආණ්ඩුව හොර ගුහාවක් වෙයි. විපක්ෂය පට්ට පිරිසිදු දේශපාලනයක් කරනා පිරිසක් වෙයි.

බණ්ඩාරනායක එජාපයේන් කොටසක් කඩාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූදා සිට එජාපයෙන් ශ්‍රී.ල.නි.ප. යටත්, ශ්‍රී.ල.නිප.යෙන් එජාපයටත් කරනම් ගැසූ දේශපාලකයන් ගනන එම දේශපාලන පක්ෂ දෙකේ පූර්ණ කාලීන දේශපාලනය කළ දේශපාලකයන් ගණනටත් වඩා වැඩි විය හැක. එසේ වුවත් මතුවටත් පක්ෂ මාරුව කිසිම අඩුපාඩුවකින් තොරව සිදුවේවි. පක්ෂ මාරුව මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවකි. ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී දයාසිරි තම පාර්ලිමේන්තු ආසනයෙන් ඉල්ලා අස්වී. ශ්‍රී.ල.නි.ප.යේ සමාජිකත්වය ලබාගෙන වයඹ මහ ඇමතිකමට ඉදිරිපත්වීම නිසයි. දයාසිරි ඒ.ජා.ප.යේ. සිටි ජනප්‍රිය මන්ත්‍රී වරයෙකි. ඒ ඔහු නිතරම පාහේ ආණ්ඩුවට විරුද්දව සේම. තම පක්ෂයේ නායකයාට විරුද්ධවත් නිතර නිතර මාධ‍ය හමුවේ කරුණු දැක්වූ නිසා සේම රූපවාහිනීයේ රියළිටි තරගයකින් ජයගැනීමත් හේතුවූවා වියහැක.

දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීම

දයාසිරිම කියනා ආකාරයට තව අවුරුදු දහයකින්වත් එ.ජා.ප.යට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි නිසා ඔහු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ආණ්ඩුවට එක්වී වයඹ මහ ඇමතිකම සඳහා තරග කරන්නේලු. පොතේ හැටියට දයාසිරි නිවරදිය, නමුත් දයාසිරි මෙන්ම සජිත් ප්‍රේමදාසත් එකිනෙකාට නොදෙවෙනි ලෙස නායකත්ව‍ය අභියෝග කරමින් රනිල්ට එරෙහිව සටන මෙහෙයවූවෝ වූහ. පිටතට නොපෙනුනත් සජිත් හා දයාසිරි අතරත් තනතුරු සඳහා තියුණු තරගයක් විය.

එනයින බලන කල සිදුව ඇත්තේ දයාසිරි සහ සජිත් අතර තරගය දයාසිරිවිසින් අත් හැරීමයි. දයාසිරි ආණ්ඩුවට එක්වූ විට සජිත්ට සියුම් සතුටක් ඇතිවන්නටත් ඇත. මන්දයත් දැන් එ.ජා.ප.යේ සජිත්ට පැහැදිලි තරගකරුවකු නොමැත. සජිත් කොහොමත් රනිල් සමඟ ඇති සටන දැනටමත් අතහැර දමාඇතිවාට සැකක් නැත. සජිත්ගේ සිහිනය වන එ.ජා.ප.යේ නායකම දැන් ඔහුට පෙනෙන සීමාවේය. රමිත රඹුක්වැල්ල මෙන් සිහිනෙන් ඇවිද්දත් සජිත්ට කවදාහෝ ඒ දුර යාහැක. මහ ඇමතිකමට වඩා විපක්ෂනායක කම කොපමන අගනේද…..

මහ ඇමතිකමනම් අවුරුදු හතරයි ආයේත් වන්දෙ දිනුවොත් ගොඩ නැත්නම් ඊළග මැතිවරණයහි දෑත් ශක්තිමත් කරන එකා මහා ඇමතිකමට බැල්ම නොහෙලාවිදයි කියන්න පුලුවන් කාටද, තව අවුරුදු දහයකින් බර්ටිට වූ දේ දයාසිරිටත් සිදුවිය හැක. විපක්ෂ නායක වුනොත් චන්ද කලයුතු ආකාරය රනිල් ඉතා හොදින් සජිත්ට පුරුදු කරමින් සිටී, කවදාහෝ දයාසිරිත් සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට එ.ජා.ප.‍යට එකතු නොවේවියයි කියන්න පුලුවන් කාටද….

අන්තරේ රෙද්ද පල්ලෙන් බේරෙන ජවිපේ සුළු දිය

Posted: ඔක්තෝබර් 29, 2010 in වර්ගීකරණය නොකළ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයහි කැදවුම්කරු උදුල් ප්‍රේමරත්න මීට සුලු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන ඇත. විශ්ව විද්‍යාල සිසුවකු අත් අඩංගුවට ගැනීමටත් වඩා මෙය ජවිපේ දේශපාලන නායකයකු අත් අඩංගුවට ගත්තායයි කීම වඩා නිවරදිය. වසර 2001 දී කොළඹ නාලන්ද විද්‍යාලයෙන් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්ව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වූ උදුලගේ ශිෂ්‍යභාවය, 2008 වසරේ ජූලි 29 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ශිෂ්‍යභාවය අහෝසි කරන ලදි ඒ වන විටත් ඔහු වසර 7ක කාලයක් විශ්ව විද්‍යාලයතුල ගතකර තිබින.තවමත් පූර්ණ කාලීන විශ්ව විද්‍යාල සිසුවෙකු වන උදුල පේරාදෙණියෙන් නෙරපීමට හෙතුවූයේ ඔහු පිට පිටම හතර වතාවක් 2nd BDS විභාගය අසමත්වීමය. 2008 දී ශිෂ්‍යභාවය අහිමිකරගත් උදුල තවමත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරුය. පොතේ හැටියට පූර්ණකාලීන විශ්ව විද්‍යාල සිසුවකු වන උදුල මේවන විටත් වසර දහයකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලයේ ගතකර ඇත. එහෙව් අය්යලා තමයි අද විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනීසිටින්නේ.යූ ඇන් පියේ සදාකාලික නායකයා රනිල් වනවා සේම ජවිපේ සදාකාලික නායකයා සෝමවංශ වනවාසේම අන්තරේ සදාකාලික කැදවුම් කරුවා උදුල් වීමටද බැරි නැත.


ජවිපේ හා අන්තරය අතර ඇති සම්බන්ද අමුතුවෙන් විස්තර කලයුතුයයි නොහැගේ.අන්තරයේ නායකයන් බහුතරයක් පසුකාලීනව ජවිපේ නායකයන්වූ බව නොරහසකි.කලකට පෙර අන්තරේ කැදවුම්කරු වූ සුනිල් හදුන්නෙත්ති සහ බිමල් රත්නායක අද ජවිපේ මධ්‍යමකාරක සභාව නියෝජනය කරන්නන්ය. 2008දී සබරගමුවේ මහ ඇමතිකමට ජවිපෙන් තරඟකල චමීර කොස්වත්තද අන්තරයේ හිටපු කැදවුම්කරුවෙකි.2009දී බස්නාහිර මහ ඇමතිකමට ජවිපෙන් තරගකල දුමින්ද නාගමුවද අන්තරයේ හිටපු කැදවුම් කරුවෙකි.ජවිපේ වෙනුවෙන් කඩේයන උදුල්ද තවකලකින් ජවිපෙන් මැතිවරනයකට ඉදිරිපත්වීම පුදුමයකට කරුනක් ලෙස නොසිතන්න. එය අන්තරය හා ජවිපේ අතර ඇති සම්බන්දය මනාවට තහවුරු කරන්නකි.

විශ්ව විද්‍යාල සිසුන් ජවිපේ ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රබල කොටසක් බවට අද පත් කරගෙන තිබේ. බොහෝවිත එය සිදුවන්නේ බියවැද්දීම හරහාය. පළමු වසරේ සිසුන් බොහෝවිත මෙලෙස ජවිපේ ගොදුරු බවට පත්වේ. වරක් ලේඛකයා කොල්ලුපිටියේ සිට කඩුවෙල දක්වා ගමන් ගන්නා බස් රථයට කොල්ලුපිටිය හන්දියේදීම තරුණයන් සිව් දෙනෙක් ගොඩවිය. එදින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පාගමනක් අරලිය ගහමන්දිරය වෙත ගමන් කරමින් තිබින කොල්ලුපිටිය හන්දියේදී බසයට නැගි තරුණයන්ද එයට සහභාගී වීමට පැමිණි අයය.කදුලු ගෑස් හා බැටන් ප්‍රහාර හේතුවෙන් ඔහුන් අප ගමන් කල බසයට ගොඩ විය. ටික වේලාවකින් ඔවුන් හා ලේඛකයා කතාවට එක්විය.

ලේඛකයා: මල්ලි මොකක්ද මේ පිකටින් එක
තරුණයන්: අය්යා මේ ආන්ඩුව මාලබේ ප්‍රයිවට මෙඩිකල් ෆැකල්ටි එකක් දාලා ඒක වහන්න කියල තමයි අපි පිකට් කරන්නෙ.
ලේඛකයා: ඉතින් ඇයි ඒක වහන්න කියන්නේ
තරුණයන්: ආන්ඩුව හදන්නේ අද්‍යාපනය පුද්ගලීකරන කරන්න අපි ඒකට විරුද්ධව කෑ ගහන්නේ
ලේඛකයා: මල්ලි මොන ඉයර් එකේද
තරුණයන්: කැළණියේ ෆස්ට් ඉයර් එකේ
ලේඛකයා: මොන ෆැකල්ටියේද??
තරුණයන්: ආර්ට්ස්
ලේඛකයා: ඉතින් මල්ලි දාල තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකක්නම් ඔයාලට අවුලක් නෑනේ
තරුණයන්: අපිට අදාල නෑනම් තමයි අයියා ඒ උනාට අද මේකට ආවේ නැත්නම් අපි කැම්පස් එකේ ඉඳල ඉවරයි.

කතාව එතනින් නිමා විය ඔවුන් ජාතික පුස්තකාලය අසලින් බසයෙන් බැස ගියහ. අන්තරේ පිකටින් වලට එන සිසුන් බහුතරයකගේ කතාව එය විය හැක.අන්තරේ කැදවුම්කරුට ජවිපෙන් දේශපාලනය කර හෝ ගොඩ යා හැක. අන්තරයෙ පිකටින් වලට ගොස් රිමාන්ඩ් වී දුක් විදින සිසුන්ගේ ජීවිත කාලකන්නි කර ජවිපේ කරනා දේශපාලනයෙන් රටට සෙතක් තිබේද??

කතා හදන වැදි දෙටුවෙනි මමයි වැදි රජුට කෙටුවේ

Posted: සැප්තැම්බර් 28, 2010 in වර්ගීකරණය නොකළ


එක දිගට මැතිවරණ ගනනාවක් පරාජයට පත්වෙමින් තිබියදීත්, පක්ෂයේ ජේෂ්ඨ නායකයන් 61 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පක්ෂය හැරදමා යනවිටදීත්, පාක්ෂිකයන් අන්ත අසරණ තත්වයන්ට පත්වන විටදීත්, රටේ ප්‍රජාතන්ත්‍රවාදය වැලලෙද්දීත්, අපේ රටේ විපක්ෂ නායකය කරන එකම දේ තමයි තමන්ගෙ තනතුර ආරක්ෂා කරගැනීමේ ආත්මාර්තකාමී උත්සහයක යෙදීම. මේ ගීතය අතුල අදිකාරි විසින් ගායනා කරපු ටිකක් විතර පරන ගීතයක් නමුත් අද දවසේ අපේ රටේ විපක්ෂ නායකයාගේ ස්වභාවයයි මේ ගීතයේ අර්ථයයි දෙකහි පුදුම ගැලපීමක් තියෙන්නෙ.

ප්‍රේමය මන රන්ජිතවේ
කුමරා මම වෙමි මනමේ
කතා හදන වැදි දෙටුවෙනි
මමයි වැදි රජුට කෙටුවේ

අපි අහල තියන මනමේ කතාවෙදි වැදි රජතුමා මනමේ කුමරු මරා දමනවා මේ ගීතයේ කියවෙන්නෙ ඒ කතාව බොරුවක් මනමේ කුමරා වැදි රජුව මරා දැමූ බවයි. මහින්ද රාජපක්ෂ ජනාධිපති ඒකාධිපති ගමනකට අර අඳිමින් 18 වන ව්‍යවස්ථාව සම්මත කරගන්නා විට කිසිම දෙයක් නොකරපු රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක දැන් මාධ්‍ය සාකච්චා පවත්වමින් රටේ ජනතාවට තවුසන්ඩ් ටෝක්ස් දෙනව.නමුත් පෙරහැර ගියාට පස්සෙ බොරුවට සද්දෙ දාල තේරුමක් තියනවද??

කාල වර්ණ වැදි රජුනේ
කඩුව නිසයි මම තැවුනේ
ඔබ ළග කුමරිය මනමේ
කඩුව තවම මගෙ කොපුවේ

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුද හමුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ඔහුට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝදනයත්, 2/3 බහුතරය වෙනුවෙන් එජාප මන්ත්‍රීන් රජයට එක්කර ගැනීමේදී, රනිල් ව්ක්‍රමසිංහ ඔහුට තර්ජනයක් ඇති මන්ත්‍රීන් පක්ෂයෙන් ඉවත්කරගනිමින් තමන්ගේ තනතුර ආරක්ෂාකර ගැනීමේ නිවට උත්සහයේ යෙදෙන අන්දමත් කාට කාටත් පැහැදිලිව දකින්නට ලැබුනා.

නීල වර්ණ වන ගොමුවේ
සොඳුරිගෙ නෙතු කඳුලුද මේ
සිහින ලොවෙන් බැස එනු මැන
කඩුව තවම මගෙ කොපුවේ

පබා නෙවේ කොබා ආන්ඩුවට පැන්නත්, ජෙනරාල් හිරේ ගියත්, ඉන්දියන් කාරයෝ චීන්නුන්ගෙ ඩයිනමයිට් පිපිරෙව්වත්, දයාසිරි මෙගා ස්ටාර් උනත්, හම්පඩ පත්තරකාරයෝ අතුරුදහන් උනත්, සමෘධිකාරයෝ කැමැත්තෙන් ගස් බැද ගත්තත්,අල්ගම ගිනි තියාගත්තත්, රටේ මිනිස්සු බඩගින්නෙ මැරුනත්, මැරෙනකන් විපක්ෂ නායකවෙලා මම ඉන්නව කියල තමයි රනිල් වික්‍රමසිංහ කියනව ඇත්තේ.

පහුගිය සති දෙක තුනේම මාද්‍ය කාරයොන්ට වවාගෙන කන්න එලම එල නිවුස් දෙක තුනක්ම සෙට් උනානේ..ආචාර්ය මර්වින් සිල්ව මහත්තය කොහෙද යන මනුස්සයෙක් ගස් බැන්ද කියල කියල  මර්වින් සිල්ව මහත්තට පාරෙ බැහැල යන්න බැරි තැනට මේ  නැහැදිච්ච මාද්‍යවේදියෝ කියන්න පුලුවන් තරම් කැත කථා කිව්වනේ.කොහොම හරි ගම්පහ දිස්ත්‍රික්කෙ මිනිස්සුන්ගෙ වාසනාවට ඔන්න ආචාර්යතුමා සියලු චෝදනාවලින් නිදහස් වෙලා දැන්.ඕකට තමයි කවද හරි ඇත්ත ජය ගන්නව කියන්නෙ. කොහෙද අපේ ජනාධිපතිතුමත් මේ කේලාම් කාරයොන්ගෙ කතා අහල ආචාර්යතුමාගේ ඇමතිකමයි පක්ෂ සාමාජිකත්වයයි ආසන සංවිධායක කමයි හැමදේම නැති කලානේ. අනේ ඉතින් කැලණි පන්සලේ පිහිටෙන් නොවැම්බර් මාසෙ වෙද්දිවත් එතුමාට කැබිනට් ඇමතිකමක්ම ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනව.අපේ රටේ විපක්ෂෙත් කරන්නෙ තමුන්ට අදාල නැති දේවල්මයි අපේ රටේ මිත්‍ර රටවල් වලට මඩ ගහල අසියාවේ ආශ්චර්යාට තරහකාරයො ඇතිකරන්න තමයි විපක්ෂනායක තුමාගෙ එකම ට්‍රයි එක. හැබැයි ඉතින් එහෙම අබරපු ගුලියක් අතටම මාටු උනේ ආශ්චර්යාගෙ පෙර පිනකට.

විපක්ෂ නා‍යකතුමා මේ මඩ කේස් එක අදින්න බාර දුන්නේ හයේ හතරෙ ඇගක් තියන වන් ශොට් අයියට. ඔන්න ඉතින් වන් ෂොට් අය්යා තව හතර පස් දෙනෙක් එක්ක සවුදි එම්බසි එක ඉස්සරහට ගිහින් මීඩියා පොරවල් වට කරගෙන “සවුදියේදි ගෘහ සේවිකාවකට ඇන ගහල කියල ඒ සම්බන්ඳයෙන් සාධාරණයක් ඉටු නොකොලොත් දවස් තුනක් සීනි ගම දේවාලෙට ගිහින් මිරිස් අඹරනව කියල” තවුසන්ඩ් ටොක්ස් දෙද්දි ආන්ඩුවත් නිකන් හිටියෙ නෑ සවුදි එම්බසියේ ලොකු බාබා ටෙම්පල් පැලස් එකට ගෙන්නල. කුරක්කන් තලප කන්න දීලා පේලේන්ටි එකකුත් බොන්න දීලා රාජතාන්ත්‍රික විදිහට කියල වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්තන්න කියල. සවුදි එම්බසියේ බාබත් සෑහෙන්න කලබලවෙලා මේක අහල වහාම පරීක්ෂණයක් පවත්වන්න කියල සවුදි ආණ්ඩුවට කියල. ඔන්න ඉතින් අද සවුදි ආණ්ඩුවේ පරීක්ෂණ වාර්ථාව එළියට ඇවිත්. මාර සීන් එකක්නෙ වෙලා තියෙන්න.

සවුදියේදී ගෘහ සේවිකාවට ඇන ගහල නැතිලු, ගෘහ සේවිකාව අනික් අයට ආදර්ශයක් දෙන්න තමන්ගෙ කැමැත්තෙන්ම ඇගට ඇන ගහගන්ව කියල සවුදියෙ වැඩ කරපු ගෙදර අයට ලියුමකුත් දීලලු. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ. දැන් කතාව යන්නෙ මේක විපක්ෂ නායකතුමා චාටර් කරන්න හම්බන්තොට බේබි ගහපු බිම් මට්ටමේ ප්ලෑන් එකක් කියලයි. අන්තිමේදි වුනේ නිකන් බොරුවට වන් ශොට් අයියා චාටර් උන එක විතරයි අපරාදෙ අහින්සක තරුණ කොල්ල.