තම කැමැත්තෙන් ඇන ගසා ගැනීම

Posted: සැප්තැම්බර් 1, 2010 in කට කහනවට කියන කතා

පහුගිය සති දෙක තුනේම මාද්‍ය කාරයොන්ට වවාගෙන කන්න එලම එල නිවුස් දෙක තුනක්ම සෙට් උනානේ..ආචාර්ය මර්වින් සිල්ව මහත්තය කොහෙද යන මනුස්සයෙක් ගස් බැන්ද කියල කියල  මර්වින් සිල්ව මහත්තට පාරෙ බැහැල යන්න බැරි තැනට මේ  නැහැදිච්ච මාද්‍යවේදියෝ කියන්න පුලුවන් තරම් කැත කථා කිව්වනේ.කොහොම හරි ගම්පහ දිස්ත්‍රික්කෙ මිනිස්සුන්ගෙ වාසනාවට ඔන්න ආචාර්යතුමා සියලු චෝදනාවලින් නිදහස් වෙලා දැන්.ඕකට තමයි කවද හරි ඇත්ත ජය ගන්නව කියන්නෙ. කොහෙද අපේ ජනාධිපතිතුමත් මේ කේලාම් කාරයොන්ගෙ කතා අහල ආචාර්යතුමාගේ ඇමතිකමයි පක්ෂ සාමාජිකත්වයයි ආසන සංවිධායක කමයි හැමදේම නැති කලානේ. අනේ ඉතින් කැලණි පන්සලේ පිහිටෙන් නොවැම්බර් මාසෙ වෙද්දිවත් එතුමාට කැබිනට් ඇමතිකමක්ම ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරනව.අපේ රටේ විපක්ෂෙත් කරන්නෙ තමුන්ට අදාල නැති දේවල්මයි අපේ රටේ මිත්‍ර රටවල් වලට මඩ ගහල අසියාවේ ආශ්චර්යාට තරහකාරයො ඇතිකරන්න තමයි විපක්ෂනායක තුමාගෙ එකම ට්‍රයි එක. හැබැයි ඉතින් එහෙම අබරපු ගුලියක් අතටම මාටු උනේ ආශ්චර්යාගෙ පෙර පිනකට.

විපක්ෂ නා‍යකතුමා මේ මඩ කේස් එක අදින්න බාර දුන්නේ හයේ හතරෙ ඇගක් තියන වන් ශොට් අයියට. ඔන්න ඉතින් වන් ෂොට් අය්යා තව හතර පස් දෙනෙක් එක්ක සවුදි එම්බසි එක ඉස්සරහට ගිහින් මීඩියා පොරවල් වට කරගෙන “සවුදියේදි ගෘහ සේවිකාවකට ඇන ගහල කියල ඒ සම්බන්ඳයෙන් සාධාරණයක් ඉටු නොකොලොත් දවස් තුනක් සීනි ගම දේවාලෙට ගිහින් මිරිස් අඹරනව කියල” තවුසන්ඩ් ටොක්ස් දෙද්දි ආන්ඩුවත් නිකන් හිටියෙ නෑ සවුදි එම්බසියේ ලොකු බාබා ටෙම්පල් පැලස් එකට ගෙන්නල. කුරක්කන් තලප කන්න දීලා පේලේන්ටි එකකුත් බොන්න දීලා රාජතාන්ත්‍රික විදිහට කියල වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්තන්න කියල. සවුදි එම්බසියේ බාබත් සෑහෙන්න කලබලවෙලා මේක අහල වහාම පරීක්ෂණයක් පවත්වන්න කියල සවුදි ආණ්ඩුවට කියල. ඔන්න ඉතින් අද සවුදි ආණ්ඩුවේ පරීක්ෂණ වාර්ථාව එළියට ඇවිත්. මාර සීන් එකක්නෙ වෙලා තියෙන්න.

සවුදියේදී ගෘහ සේවිකාවට ඇන ගහල නැතිලු, ගෘහ සේවිකාව අනික් අයට ආදර්ශයක් දෙන්න තමන්ගෙ කැමැත්තෙන්ම ඇගට ඇන ගහගන්ව කියල සවුදියෙ වැඩ කරපු ගෙදර අයට ලියුමකුත් දීලලු. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගේ. දැන් කතාව යන්නෙ මේක විපක්ෂ නායකතුමා චාටර් කරන්න හම්බන්තොට බේබි ගහපු බිම් මට්ටමේ ප්ලෑන් එකක් කියලයි. අන්තිමේදි වුනේ නිකන් බොරුවට වන් ශොට් අයියා චාටර් උන එක විතරයි අපරාදෙ අහින්සක තරුණ කොල්ල.

Advertisements
ප්‍රතිචාර
  1. shehan පවසයි:

    රජා කලත් බලුවෑඩේ බලු වෑඩේම තමා… යකෝ බල්ල කලත් රජ වෑඩේ රජ වඩේම තමයි… වන් ශොට් අයිය කරපු දේ හරි…… !

  2. chuti putha පවසයි:

    වන්ෂොට් අයියා තමන්ගේ පාඩුවේ ෆිල්මක් කරන් වීරයා වගේ ඉන්නේ නැතුව, මීහරක් දෙන ලණු කාලා..,
    හම්බන්තොට පරපුරට පච වෙනවා.

  3. Shadow/හේමලයා පවසයි:

    කාල වරෙන්කෝ……දැන් ඉතින් දිගට හරහට මිනිස්සු ස්ව කැමැත්තෙන් ගහ ගන්ට….තම්න්ගෙ ඔළු පළාගන්ට් එහෙම පටන් ගනීවි නේ…

  4. වන් ෂොට් තමයි දවසකට හරි මිනිහා… කාන්තාවන් වෙනුවෙන් පෙනීසිටින්න දස්සයා

  5. දුකා. පවසයි:

    ඇත්තෙන්ම මේක අර බියෝන්ඩ් ප්‍රේම් මහත්තයා කියනව වගේ සෞදි රජය අපහසුවට පත් කරන්න ඕනවට ඩොලර් කුට්ටි අරගෙන ආරියවතී කරපු රඟපෑමක් වෙන්නත් ඇති හැබෑවට . ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )