අන්තරේ රෙද්ද පල්ලෙන් බේරෙන ජවිපේ සුළු දිය

Posted: ඔක්තෝබර් 29, 2010 in වර්ගීකරණය නොකළ

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයහි කැදවුම්කරු උදුල් ප්‍රේමරත්න මීට සුලු මොහොතකට පෙර අත් අඩංගුවට ගෙන ඇත. විශ්ව විද්‍යාල සිසුවකු අත් අඩංගුවට ගැනීමටත් වඩා මෙය ජවිපේ දේශපාලන නායකයකු අත් අඩංගුවට ගත්තායයි කීම වඩා නිවරදිය. වසර 2001 දී කොළඹ නාලන්ද විද්‍යාලයෙන් උසස්පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත්ව පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයට ඇතුලත් වූ උදුලගේ ශිෂ්‍යභාවය, 2008 වසරේ ජූලි 29 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලය මගින් ශිෂ්‍යභාවය අහෝසි කරන ලදි ඒ වන විටත් ඔහු වසර 7ක කාලයක් විශ්ව විද්‍යාලයතුල ගතකර තිබින.තවමත් පූර්ණ කාලීන විශ්ව විද්‍යාල සිසුවෙකු වන උදුල පේරාදෙණියෙන් නෙරපීමට හෙතුවූයේ ඔහු පිට පිටම හතර වතාවක් 2nd BDS විභාගය අසමත්වීමය. 2008 දී ශිෂ්‍යභාවය අහිමිකරගත් උදුල තවමත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැදවුම්කරුය. පොතේ හැටියට පූර්ණකාලීන විශ්ව විද්‍යාල සිසුවකු වන උදුල මේවන විටත් වසර දහයකට ආසන්න කාලයක් විශ්ව විද්‍යාලයේ ගතකර ඇත. එහෙව් අය්යලා තමයි අද විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් පෙනීසිටින්නේ.යූ ඇන් පියේ සදාකාලික නායකයා රනිල් වනවා සේම ජවිපේ සදාකාලික නායකයා සෝමවංශ වනවාසේම අන්තරේ සදාකාලික කැදවුම් කරුවා උදුල් වීමටද බැරි නැත.


ජවිපේ හා අන්තරය අතර ඇති සම්බන්ද අමුතුවෙන් විස්තර කලයුතුයයි නොහැගේ.අන්තරයේ නායකයන් බහුතරයක් පසුකාලීනව ජවිපේ නායකයන්වූ බව නොරහසකි.කලකට පෙර අන්තරේ කැදවුම්කරු වූ සුනිල් හදුන්නෙත්ති සහ බිමල් රත්නායක අද ජවිපේ මධ්‍යමකාරක සභාව නියෝජනය කරන්නන්ය. 2008දී සබරගමුවේ මහ ඇමතිකමට ජවිපෙන් තරඟකල චමීර කොස්වත්තද අන්තරයේ හිටපු කැදවුම්කරුවෙකි.2009දී බස්නාහිර මහ ඇමතිකමට ජවිපෙන් තරගකල දුමින්ද නාගමුවද අන්තරයේ හිටපු කැදවුම් කරුවෙකි.ජවිපේ වෙනුවෙන් කඩේයන උදුල්ද තවකලකින් ජවිපෙන් මැතිවරනයකට ඉදිරිපත්වීම පුදුමයකට කරුනක් ලෙස නොසිතන්න. එය අන්තරය හා ජවිපේ අතර ඇති සම්බන්දය මනාවට තහවුරු කරන්නකි.

විශ්ව විද්‍යාල සිසුන් ජවිපේ ප්‍රචාරක යාන්ත්‍රණයේ ප්‍රබල කොටසක් බවට අද පත් කරගෙන තිබේ. බොහෝවිත එය සිදුවන්නේ බියවැද්දීම හරහාය. පළමු වසරේ සිසුන් බොහෝවිත මෙලෙස ජවිපේ ගොදුරු බවට පත්වේ. වරක් ලේඛකයා කොල්ලුපිටියේ සිට කඩුවෙල දක්වා ගමන් ගන්නා බස් රථයට කොල්ලුපිටිය හන්දියේදීම තරුණයන් සිව් දෙනෙක් ගොඩවිය. එදින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරුද්ධව පාගමනක් අරලිය ගහමන්දිරය වෙත ගමන් කරමින් තිබින කොල්ලුපිටිය හන්දියේදී බසයට නැගි තරුණයන්ද එයට සහභාගී වීමට පැමිණි අයය.කදුලු ගෑස් හා බැටන් ප්‍රහාර හේතුවෙන් ඔහුන් අප ගමන් කල බසයට ගොඩ විය. ටික වේලාවකින් ඔවුන් හා ලේඛකයා කතාවට එක්විය.

ලේඛකයා: මල්ලි මොකක්ද මේ පිකටින් එක
තරුණයන්: අය්යා මේ ආන්ඩුව මාලබේ ප්‍රයිවට මෙඩිකල් ෆැකල්ටි එකක් දාලා ඒක වහන්න කියල තමයි අපි පිකට් කරන්නෙ.
ලේඛකයා: ඉතින් ඇයි ඒක වහන්න කියන්නේ
තරුණයන්: ආන්ඩුව හදන්නේ අද්‍යාපනය පුද්ගලීකරන කරන්න අපි ඒකට විරුද්ධව කෑ ගහන්නේ
ලේඛකයා: මල්ලි මොන ඉයර් එකේද
තරුණයන්: කැළණියේ ෆස්ට් ඉයර් එකේ
ලේඛකයා: මොන ෆැකල්ටියේද??
තරුණයන්: ආර්ට්ස්
ලේඛකයා: ඉතින් මල්ලි දාල තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකක්නම් ඔයාලට අවුලක් නෑනේ
තරුණයන්: අපිට අදාල නෑනම් තමයි අයියා ඒ උනාට අද මේකට ආවේ නැත්නම් අපි කැම්පස් එකේ ඉඳල ඉවරයි.

කතාව එතනින් නිමා විය ඔවුන් ජාතික පුස්තකාලය අසලින් බසයෙන් බැස ගියහ. අන්තරේ පිකටින් වලට එන සිසුන් බහුතරයකගේ කතාව එය විය හැක.අන්තරේ කැදවුම්කරුට ජවිපෙන් දේශපාලනය කර හෝ ගොඩ යා හැක. අන්තරයෙ පිකටින් වලට ගොස් රිමාන්ඩ් වී දුක් විදින සිසුන්ගේ ජීවිත කාලකන්නි කර ජවිපේ කරනා දේශපාලනයෙන් රටට සෙතක් තිබේද??

Advertisements
ප්‍රතිචාර
  1. නිදහස් මම... පවසයි:

    love this part!!! ලේඛකයා: ඉතින් මල්ලි දාල තියෙන්නෙ මෙඩිකල් ෆැකල්ටි එකක්නම් ඔයාලට අවුලක් නෑනේ

    • සුනෙත් පවසයි:

      ඔබගේ අවබෝධයේ තරම ගැන සිතාගත හැක….

      ලේඛකයාගේ දරුවෙකු හෝ මුණුබුරෙකු නිදහස් අධ්‍යාපනය යටතේ දොස්තර කෙනෙකු කිරීමේ උවමනාවක් නොමැති හැඩයි…

      ආසියාවේ ආශ්චර්යය වෙලා තියනකොට මොන නිදහස් අධ්‍යාපනේද නේද….

      • ලේඛකයාගේ දරුවෙකු හෝ මුණුබුරකු නිදහස් අධ්‍යාපය ලබා ගැනීමටනම් ලේඛකයා ජවිපේ හෝ අන්තරයේ ඕනෑම ජඩ වැඩක් අනුමත කළ යුතුද??? උදාහරණ සහිතවම ලියා ඇතිදේ අවබෝධ කරගැනීමට නොහැකි ඔබගේ තරමනම් පහසුවෙන් අවබෝධ කරගත හැක.

  2. buddhika6 පවසයි:

    විශ්ව විද්‍යාල සිසුන් බය කිරීම හා තරවටුව තුලින් ජේ.වී.පී අයියලා සිතන දේශපාලනය පශ්තාත් යුද සමය තුල නොමැත අන්තරේ දේශපාලනය තුලින් නන්නන්තාර වන අහිංසක සිසුන්හට දෙවි පිහිටම ලැබේවා

  3. මම පවසයි:

    අපිට අන්තරය අරක මේක වැඩක් නෑ හරිද මචං අපිට ඕන නිදහස් අධ්යාපනය ආරක්ශා කරගන්න.. මේ ගොන් තකතීරු ගොබ්බ ආන්ඩුව, ඉස්සර රට කරපු UNP පර හැත්ත…වින කරපු මේ රට හදන්න..
    ඔය අන්තරේ කියන උනුත් JVP එකේ බූරුවන්ට කඩේ යනවා තමයි .. නමුත් අවස්තාවෙ හැටියට උන් තමා මේ වෙලවේ ආණ්ඩුවේ බලය සංතුලණය කරන්න පුලුවන් බලවේගය…
    අද ආන්ඩුව නට්යයේ අලුත් කොටසක් රගපාලා තියනවා කියන එක හොදට පැහැදිලී..ගස් බැදපු එකේම තවත් කොටසක්..

  4. සුළඟ පවසයි:

    “අන්තරේ පිකටින් වලට එන සිසුන් බහුතරයකගේ කතාව එය විය හැක”. මෙය සත්‍යයකි. මෙවර UGC අසල පිකටින් එකට ද පළමු වසර සිසුන් බහුතරයක් ‍රැගෙන ගොස් ඇත. එමෙන්ම හදිසි අවස්ථවාක කපල්ස් ලෙස දක්වා ගැලවීමට හැකිවේ යැයි බොරු කියා සිසුවියන්ද විශාල පිරිසක් ගෙන ගොස් ඇත. මේ හේතුවෙන් පොලිසියෙන් පහර කෑ පිරිස අතර සිසුවියන්ද වෙනදාට වැඩි සංඛ්‍යාවක් සිටී. ඔවුන් බොහෝ දෙනෙක් කියන්නේද මේකට නොගියොත් අපි කැම්පස් එකේ වගේම හොස්ටල් වල ඉඳල ඉවරයි කියලයි. බලහත්කාරයට නැවතුමක් අවශ්‍යය.

  5. Paradox පවසයි:

    හොඳ බ්ලොග් එකක් වගේ. ටැබූගේ මෙන්න මේ පෝස්ට් එකෙන් තමයි ඇතුළට ආවේ. කොහොමද ඔබේ පැරණි පෝස්ට කියවන්නේ ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )