දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීම

Posted: ජූලි 30, 2013 in වර්ගීකරණය නොකළ

ශ්‍රී ලංකා දේශපාලනයේ පක්ෂ මාරුව කඩේ ගිහින් පාන් රාත්තලක් ගන්නවාටත් වඩා සරල ක්‍රියාවකි. දේශපාලකයෝ එක රැයෙන් ඔවුන්ගේ ප්‍රතිපක්ති වෙනස් කරයි.විපක්ෂ මන්ත්‍රී පක්ෂය මාරු කල සැනින් ඔහුම ඊයේ දූෂිතයි කියූ ආණ්ඩුව ඔහුට අද සුජාත වන්නේය.ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරයෙකු විපක්ෂයට ගියවිට ඔහු එතෙක් කල් සිටි ආණ්ඩුව හොර ගුහාවක් වෙයි. විපක්ෂය පට්ට පිරිසිදු දේශපාලනයක් කරනා පිරිසක් වෙයි.

බණ්ඩාරනායක එජාපයේන් කොටසක් කඩාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටවූදා සිට එජාපයෙන් ශ්‍රී.ල.නි.ප. යටත්, ශ්‍රී.ල.නිප.යෙන් එජාපයටත් කරනම් ගැසූ දේශපාලකයන් ගනන එම දේශපාලන පක්ෂ දෙකේ පූර්ණ කාලීන දේශපාලනය කළ දේශපාලකයන් ගණනටත් වඩා වැඩි විය හැක. එසේ වුවත් මතුවටත් පක්ෂ මාරුව කිසිම අඩුපාඩුවකින් තොරව සිදුවේවි. පක්ෂ මාරුව මේ දවස්වල ජනප්‍රිය මාතෘකාවකි. ඒ එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී දයාසිරි තම පාර්ලිමේන්තු ආසනයෙන් ඉල්ලා අස්වී. ශ්‍රී.ල.නි.ප.යේ සමාජිකත්වය ලබාගෙන වයඹ මහ ඇමතිකමට ඉදිරිපත්වීම නිසයි. දයාසිරි ඒ.ජා.ප.යේ. සිටි ජනප්‍රිය මන්ත්‍රී වරයෙකි. ඒ ඔහු නිතරම පාහේ ආණ්ඩුවට විරුද්දව සේම. තම පක්ෂයේ නායකයාට විරුද්ධවත් නිතර නිතර මාධ‍ය හමුවේ කරුණු දැක්වූ නිසා සේම රූපවාහිනීයේ රියළිටි තරගයකින් ජයගැනීමත් හේතුවූවා වියහැක.

දයාසිරි සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීම

දයාසිරිම කියනා ආකාරයට තව අවුරුදු දහයකින්වත් එ.ජා.ප.යට ආණ්ඩුවක් පිහිටවිය නොහැකි නිසා ඔහු ජනතාව වෙනුවෙන් සේවය කිරීමට ආණ්ඩුවට එක්වී වයඹ මහ ඇමතිකම සඳහා තරග කරන්නේලු. පොතේ හැටියට දයාසිරි නිවරදිය, නමුත් දයාසිරි මෙන්ම සජිත් ප්‍රේමදාසත් එකිනෙකාට නොදෙවෙනි ලෙස නායකත්ව‍ය අභියෝග කරමින් රනිල්ට එරෙහිව සටන මෙහෙයවූවෝ වූහ. පිටතට නොපෙනුනත් සජිත් හා දයාසිරි අතරත් තනතුරු සඳහා තියුණු තරගයක් විය.

එනයින බලන කල සිදුව ඇත්තේ දයාසිරි සහ සජිත් අතර තරගය දයාසිරිවිසින් අත් හැරීමයි. දයාසිරි ආණ්ඩුවට එක්වූ විට සජිත්ට සියුම් සතුටක් ඇතිවන්නටත් ඇත. මන්දයත් දැන් එ.ජා.ප.යේ සජිත්ට පැහැදිලි තරගකරුවකු නොමැත. සජිත් කොහොමත් රනිල් සමඟ ඇති සටන දැනටමත් අතහැර දමාඇතිවාට සැකක් නැත. සජිත්ගේ සිහිනය වන එ.ජා.ප.යේ නායකම දැන් ඔහුට පෙනෙන සීමාවේය. රමිත රඹුක්වැල්ල මෙන් සිහිනෙන් ඇවිද්දත් සජිත්ට කවදාහෝ ඒ දුර යාහැක. මහ ඇමතිකමට වඩා විපක්ෂනායක කම කොපමන අගනේද…..

මහ ඇමතිකමනම් අවුරුදු හතරයි ආයේත් වන්දෙ දිනුවොත් ගොඩ නැත්නම් ඊළග මැතිවරණයහි දෑත් ශක්තිමත් කරන එකා මහා ඇමතිකමට බැල්ම නොහෙලාවිදයි කියන්න පුලුවන් කාටද, තව අවුරුදු දහයකින් බර්ටිට වූ දේ දයාසිරිටත් සිදුවිය හැක. විපක්ෂ නායක වුනොත් චන්ද කලයුතු ආකාරය රනිල් ඉතා හොදින් සජිත්ට පුරුදු කරමින් සිටී, කවදාහෝ දයාසිරිත් සජිත්ගේ දෑත් ශක්තිමත් කිරීමට එ.ජා.ප.‍යට එකතු නොවේවියයි කියන්න පුලුවන් කාටද….

Advertisements
ප්‍රතිචාර
  1. amila chathuranga පවසයි:

    ඇයි අපි මේ මිනිස්සු ගැන කතාකරන්න ඕනි කියලා පොඩ්ඩක් කියන්න පුලුවනිද?
    මේ යක්කු දැන් මට නම් එපාම වෙලා..
    මීට හොදයි බකිංහැම් මාලිගාව ඉස්සරහා කේටිගේ ලමයා ඇවිදිනකල් බලාගෙන එංගලන්ත දේසපාලනේ ගැන බැලුව නම්..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )