දොළහක්

Posted: අගෝස්තු 1, 2013 in වර්ගීකරණය නොකළ

අන්තිමට වේදිකා නාට්‍යක් බැලුවේ 12.12.12 ඒ බලපු වේදිකා නාට්යේ නමත් දොළහක්, එහෙන් මෙහෙන් ඇහුන, දැකපු විස්තරත් එක්කම අතුල පතිරණගේ දොළහක් වේදිකා නාට්‍ය බලන්න ලොකු ආසාවක් හිතේ තිබුනා. පොඩිකාලෙ ඉදන් වේදිකා නාට්‍ය බලන, වේදිකා නාට්‍ය හඳන උනක් තිබුනත්, ඉස්කෝලෙ යන කාලෙත් උසස් අධ්‍යාපනය ලබන කාලේත් හොද හැටියට වේදිකා නාට්‍ය බැලුවා. පොඩි පොඩි තරඟ වලට වේදිකා නාට්‍ය හැදුවා රඟපෑව, තරඟ වලින් දිනුව, ඒත් ඉතින් රස්සාවක් කරන්න පටන්ගත්තට පස්සෙ ඒ ආසාවන් ඔකොම ආසාවන් ටික දියවෙලාම ගියා. උදේ ඉදන් මහ රෑ වෙනකන් කොම්පියුටරයක් ඉස්සරහට වෙලා කොට කොට ඉද්දි මොන වේදිකා නාට්‍යද….

ගිය අවුරුද්දේ දෙසැම්බර් වලදී කොටි වලිගෙ අල්ල ගත්ත වගේ ප්‍රොජෙක්ට් එකකට සෙට්වෙලා හිටියේ පට්ටම ස්ට්‍රස් ජීවිතෙත් එක්ක එපාවෙලා… ඔහොම ඉද්දි තමා එදා උදේ වැඩට එද්දි දොළහත් පෝස්ටරේ දැක්කෙ. හැමදාම මහ රෑ වෙනකන් කඹුරන එකේ එක දවසක් කලින් ගියාම මොකෝ කියල එදා හරියටම පහට ඔෆිස් එකෙන් පැනල ගියා ලයනල් වෙන්ට් එකට හප්පට සිරි එදා ස්පෙෂල් දර්ශණයක් නලුනිලියෝ ගායක යායිකාවෝ පිරිල, වෙලාවට හුදී ජනයා වෙනුවෙන් ටිකට් කීපයකුත් විකුණන්න තිබුන. නාට්යනම් සුපිරියි කියන්න වදන් නැත….

dolohak
රෙජිනෝල්ඩ් රෝස් කියන ඇමරිකන් නාට්‍ය කරුවා විසින් Twelve Angry Men නමින් නිපදවූ නාට්‍ය තමයි අතුල පතිරණ දොළහක් කියල නැවත සිංහලෙන් නිෂ්පාදනය කරල තියෙන්න්. විශ්වජිත් ගුණසේකර, ඩබ්ලිව්. ජයසිරි, ලක්‍ෂ්මන් මෙන්ඩිස්, ධර්මප‍්‍රිය ඩයස්, සම්පත් ජයවීර, තුමිඳු දොඩන්තැන්න, ජගත් මනුවර්ණ, පූජිත ද මෙල්, ගාමිණී විජේසිංහ, ගිහාන් ද චිකේරා, සමන් ලියනගේ, සංජය හෙට්ටිආරච්චි යන නලුවන් දොළොස්දෙනා තමයි දොළහක් නාට්‍යයේ චරිත නිරූපනය කරන්නේ. දොළහක් නාට්‍යයේ රංගනයෙන් දායකවෙන නලුවො සෙට් එක දැක්කම අතුල මේ නාට්‍ය ලාබ ගන්න බලාගෙන නොකරපු නිර්මාණයක් කියලම පේනව. දැනට වේදිකාවේ ඉන්න දක්ෂම නලුවන් දොළොස්දෙනෙකු ඔහු මේ සඳහා යොදවාගෙන තියනව. ලාබය ගැන හිතුවනම් කෙනෙක් කරන්නෙ ලේසියෙන්ම අලුත් නලුවො ටිකක් දාල අඩු පිරිවැය නාට්‍යයක් කරන එකනේ. නාට්‍ය පටන්ගත්ත වෙලාවෙ ඉදන් ගැම්මට බලන් ඉන්න පුලුවන් ඉවර වෙනකන්ම.

dolohak drama
තමන්ගේ තාත්තව මැරුවයි කියන අවුරුදු දහ අටක කොල්ලෙක් සම්බන්ඳ නඩුවකදී ජූලියේ දොළොස් දෙනාගෙන් එකොළොස් දෙනෙකුම කොල්ල වැරදි කාරය කියද්දි එක ජූරි සභිකයෙක් විතරක් කොල්ල නිර්දෝශී කියනව. අන්තිමට පැය ගානක් තර්ක කරල ජූරි සභිකයෝ දොළහම පිළිගන්නව කොල්ල නිවරදියි කියල. අතුලගේ දොළහක් නාට්‍යයේ පසුතල, ඇඳුම් පසුබිම් සංගීතය සුපිරිම මට්ටමක තියනව. දැනට නම් නාට්‍ය කොළඹ අවට නිතර නිතර ප්‍රදර්ශණය වෙනව. දුර බැහැර තත්වයනම් කොහොමද දන්නෙ නෑ. නාට්‍ය බලන්න කැමති අය ඉන්නවානම් මේ නාට්‍ය ඔබ බැලිය යුතුම නාට්‍යක් කියල හිතෙනව… අවස්ථාවක් ලැබුනොත් අනිවාර්යෙන් බලන්න…

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )