රස්සාවට සිංහලෙන් කියන්නෙ මොකක්ද?

Posted: සැප්තැම්බර් 2, 2013 in වර්ගීකරණය නොකළ

ගොඩාක් පලාත්වල පොළ තියෙන්නෙ ඉරිද දවසටනෙ. අපේ ගමේ පොළ තියෙන්නෙ සෙනසුරාදා දවසට. එදාට ඉතින් ටවුන් එක පලාතෙ යන්න බෑ පාරවල් පිරිල සූ ගාල සෙනග. අපේ පැත්තේ ගමේ ගොඩේ සිදාදියේ කවුරුත් වාගේ විකුණන්නයි බඩු ගන්නයි පොළටයි ආවේ… ගමේ පොළටයි ආවේ… මමත් ඉතින් සෙනසුරාදා දවසක ඔන්න ටවුමට ගියා බඩු ගන්න. අම්ම ගෙදරින් එළියට බහිද්දිම කිව්ව අදනම් පුතේ හන්දියෙ බාප්පල ඇති පරිස්සමෙන් පලයන් කියල. මමත් ඉතින් අම්ම බය වෙන්න එපා ටවුමට ගොස් එන හැටි මම පෙන්වන්නම් කියා බයික් එකත් අරගෙන වැඩර් වාගේ ටවුමට යන්න පිටත් උනා.

ඔන්න ටවුමට එනකන් කිසිම අතුරු අන්තරාවක් නැතිව ආවා.ටවුන් එකෙත් අවුලක් නැතිව ඇවිද්ද ඊට පස්සෙ තමා භයානකම සිද්දියක් උනේ…පොළ හන්දියෙ වාහන පෝලිමයි පාර සම්පූර්ණයෙන් බ්ලොක් ඔය ටැෆික් ඉවරවෙනකන් මම වගේ පොරක් ඉන්න ඕනද කියල හිතල දැම්ම වාහන පෝලිම අස්සෙන් බයික් එක දාල ඔන්න එක පාරටම බයික් එක පාරෙන් අනික් පැත්තට හැරෙව්වා.ඒත් එක්කම මම බයික් එන අනික් පැත්තට හරවනව දැකල සතුටින් පිනාගිය පොරක් විසිල් ගහනව වගේ මියුරු නාදයකුත් මගේ දෙසවනට වැටුන.

සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලුවත් අදුරන කවුරුත් පේන්න නැති මමත් වැඩිදුර නොහිත කෙලින්ම බයික් එක පාරෙ අනික් පැත්තෙ කඩයක් ලඟින් නවත්තනකොටම තවත් විසින් පාරක් ඇහුන කවුද ඩෝ මේ අවේලාවේ ප්‍රීතියෙන් පිනාගියේ කියල ආයේත් හැරිල බැලුව මේන්න බොලේ ට්‍රැෆික් රාළහාමි මහත්තැන් කෙනය් හොරෙක් වගේ ත්‍රීවීල් එකක්  පිටිපස්සෙ හැන්ගිලා ඉදන් මට අතවනවා.

අතවනන්නේ මම අඳුරන මහැත්තැන් කෙනෙක් වෙන්න ඇති කියා මමත් බොහෝ සතුටු සිතින් ඒ දෙසට ගියෙමි. මොකද කන් ඇහෙන්න නැතිද දුර තියාම රාළහාමි මහතා මහත් ආදර බැල්මක් මා හට හෙලමින් ඇසුවා. ඇහෙනව සර්… මා උත්තර දුන්නා. එහෙනම් විසිල් ගහනකොටත් පාරෙ අනික් පැත්තට හැරෙව්වෙ??? දැං දීපන්කො උත්තර.සිග්නල් දාල හරවන්න දන්නෙ නැද්ද.?? හික් හික් මම අහිංසක ලෙස රාළහාමිතුමා දෙස බලා හිනා උනා. කෝ ගන්නව බලන්න ලයිසන් ඉන්සුවරන්ස්. සාක්කුවේ තිබූ මාරුකාසි බස්ටිකට් ඇතුලු එකීමෙකී නොකී සියළුම කුණුගොඩවල් එසැනින් මා රාළහාමිතුමාගේ සුරතේ රැදවූයෙමි ඉතා අප්‍රසන්න බැල්ලමක් මා දෙස හෙලූ එතුමා මාගේ ලයිසොම පරික්ෂාකොර බලා. දඩයක් ගහන්න වෙනව මොකද කියන්නේ කියා ඇසුවේය. කමක් නෑ රාළහාමිනෙ ඇල්ලුවෙ රාළහාමිම දඩේ ගහන්න කියා මම නොකිව් නමුත් කමක් නෑ දඩේ ගන්න කියා කීවේය.

මගේ හිස් මුදුනේ සිට බාටා සෙරෙප්පුව දක්වා සුපරික්ශා කාරී බැල්මක් හෙලූ රාළහාමි තුමා රුපියල් පන්සීයක දඩමුදලක් වටිනා ඊළග ප්‍රශ්නය මා හට යොමුකළා මා සදිසි උපකාරක අවස්තාවක් වූ ඒ ප්‍රස්නය තෝරාගත්තා.

ප්‍රශ්ණය: මොකද කරන්නේ රස්සාවක් කරනවද?
උත්තරය: ඔවු
ප්‍රශ්ණය: කොහෙද වැඩ කරන්නේ?
උත්තරය: කොළඹ
ප්‍රශ්ණය: මොකක්ද රස්සාව?
උත්තරය: (මම කරන්නේ පරිඝනක මෘදුකාංග සැකසුම් අංශයේ රැකියාවකි දන්න තරමින් එයට සිංහල නමක් නැත එහෙයින් ඉංග්‍රීසියෙන් කියන නමම කිව්වෙමි.) අහෝ ඛේදයකි රාහලාමි තුමාට ඉංග්‍රීසි අරහන්ය.
ප්‍රශ්ණය: මට ඔය ඉංග්‍රීසිවලින් වැඩක් නෑ සිංහලෙන් කියනවා මොකක්ද රස්සාව???
උත්තරය: (තවදුරටත් රාළහාමි තුමා සමග පෙම් කිරීමෙන් පලක් නොවන බව තේරුම් ගත් මා..). රස්සාවක් කරන්නෙ නෑ සර්. ඔය දඩකොළේ දෙන්න කියා කියූවිට.

ටික වේලාවල් කල්පනා කාරිව හිටි රාළහාමි තුමා කමක් නෑ අදට යනවකෝ මීට පස්සෙවත් මාර්ඝ නීතී පිළිපදිනවා යයි මා හට ඉතා ආදරයෙන් ඔවදනක් දී මා හට පිටත් වීමට අවසර ලබා දුන්නා. (අනේ එහෙම වෙයි කියල හිතුවට එහෙම උනේ නෑ…)

තැපැල් කන්තෝරුවට ගිනින් රුපියල් පන්සීයක දඩයක් ගෙවා ආපසු දඩ කොළය රාළහාමි තුමාට ලබාදී ලයිසොම නැවත ලබාගෙන සතුටු සිතින් ගෙදර එන ගමන් රාළහාමි තුමාගේ ගුණ වයමින් මේ ගීතය ගායනා කරමින් මා ගෙදරට පැමිනියා. මේ ගීතය රාළහාමි තුමාට උපහාරයක්ම වේවා!!!


ප.ලි.: ඒ වෙලාවෙම තවත් රාළහාමි තුමෙක් තව පොරක් මම කරපු වැරැද්දම කරල පොරටර් දඩ ගහන්න මම හිටිය තැනටම ආවා. ඒ පොර මාව අල්ලපු රාළහාමි තුමාගේ මිත්‍රයකි. මොකද මචං අර පොර දැක්ක ගමන් රළහාමිතුමා ඇහුව. සිග්නල් දාන්නෙ නැතිව හැරෙව්ව. මේ මගේ යාලුවෙක් බං යන්න දීපන් රාළහාමි තුමා අනික් රාළහාමිතුමාට කිව්වා. එයාට යන්න දෙනවනම් ඇයි මට විතරක් දඩ ගහන්නේ? ? මහත්තයට දැං දඩකොලේ ලියල ඉවරනෙ නැත්නම් මහත්තයටත් යන්න තිබුනා. රාළහාමි තුමා ඔලුව කසමින් උත්තර දුන්නා.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )